එළවළු මිල තුන් ගුණයකින් පහළට
2023-03-28 18:29:29
Share with:

පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳපොළේ එළවළු මිල ගණන් ඉතා විශාල වශයෙන් පහත බැස ඇති අතර එය පැවති මිල ගණන්වලට සාපේක්ෂව තුන් ගුණයකින් පහළ යාමක් බව පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමය පවසයි.

ඒ අනුව එළවළු වර්ගවල තොග මිල ගණන් කිලෝව රුපියල් සියයක් දක්වා අඩු වී ඇතැයි පෑලියගොඩ මැනිං පොදු වෙළෙඳ සංගමයේ සභාපති එච්.එම්. උපසේන මහතා පැවසීය.

ඊයේ (27) වන විට බෝංචි කිලෝවක මිල රුපියල් 100 දක්වා අඩු වී තිබිණ. මේ වන තෙක් බෝංචි කිලෝවක් අලෙවි වුයේ රුපියල් 400 කටය.

තක්කාලි, කැරට්, ලීක්ස්, මාළු මිරිස්, වම්බටු, ගෝවා ඇතුළු එළවළු රැසක මිල මෙසේ ශීඝ්‍ර ලෙස පහත වැටී තිබේ.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම