චීන විදේශ ඇමති හා ආසියාන් රාජ්‍ය සංගම් මහ ලේකම් අතර හමුවක්
2023-03-28 14:16:32
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික, විදේශ ඇමති චින් ගාන්ග් මහතා ආසියාන් රාජ්‍ය සංගමයේ මහ ලේකම් Kao Kim Hourn මහතා හමු වෙයි.

එම හමුව ඊයේ (27) බෙයිජිංහිදී පැවැත්විණ.

චීනය හා ආසියාන් රාජ්‍ය සංගමය, විශාල හා කුඩා අසල්වැසි රටවල් සාමකාමී සහපැවැත්මෙන් සිටීමේ මාර්ගයක් නිර්මාණය කිරීමට සමත් වූ බවත් එය මිත්‍රශීලි අසල්වැසිභාවයට ආදර්ශයක් බවත්  චින් ගාන්ග් මහතා එහිදී පැවසීය.

ආසියාන් රාජ්‍ය සංගමයේ රටවල් 10, ‘ගෝලීය සංවර්ධන මුලපිරුම පිළිබඳ මිත්‍ර කණ්ඩායම’ට එක් වීම චීනයේ පැසසුමට ලක් වේ. එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ, ආසියාන් රාජ්‍ය සංගමය ඉදිරිපත් කළ ඉන්දු පැසිෆික් ඉදිරි දැක්මේ ප්‍රමුඛ ක්ෂේත්‍ර අතර සහයෝගතා පෙළඹවීමට චීනය කැමැත්තෙන් සිටින බව ද ඔහු ප්‍රකාශ කළේය.

චීනය ආසියාන් රාජ්‍ය සංගමයේ මනා හවුල්කරුවෙකු වන බව Kao Kim Hourn මහතා එහිදී පැවසීය. චීනය සමග නිදහස් වෙළඳ කලාපය යාවත්කාලීන කිරීම පිළිබඳ සාකච්ඡා හා දකුණු චීන මුහුදු කලාපයෙහි කල්ක්‍රියා උපමාන පිළිබඳ සාකච්ඡා  කඩිනම් කිරීමට තම සංගමය කැමති බව ඔහු ප්‍රකාශ කළේය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම