ඇමරිකාව ජාත්‍යන්තර මානව හිමිකම් වගකීම් අනුගමනය කළ යුතු අතර වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් පිළිබඳ ප්‍රශ්න නිරාකරණය කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.
ඇය එසේ පැවසුවේ අද(27) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදී, ‘වහල්භාවය හා අත්ලාන්තික් සාගරයේ වහල් වෙළඳාම පිළිබඳ ජාත්‍යන්තර අනුස්මරණ දිනය’ පිළිබඳව මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
ඉතිහාසයේ යටත්විජිතවාදයෙන් හා වහල්භාවයෙන් උරුම වූ සෙවනැල්ල තවමත් ඇමරිකානු සමාජයේ පවතී. ඇමරිකාවේදී, අප්‍රිකානු සම්භවයක් සහිත පුද්ගලයින් පොලිසිය විසින් ඝාතනය කරනු ලැබීමේ අනුපාතය, සුදු ජාතිකයින්ට වඩා 2.78 ගුණයකින් වැඩි වන බව වසර 2013ත් 2022ත් අතර කාලයේ පොලිසිය විසින් සිදු කළ ඝාතන සිද්ධි විග්‍රහ කිරීමෙන් පිළිබිඹුවේ යැයි ඇමරිකානු ‘Mapping Police Violence’ වෙබ් අඩවිය පෙන්වා දී තිබේ.
ඇමරිකාව සිය පද්ධතිමය වර්ගවාදය හා වාර්ගික වෙනස්කම් සිදු කිරීම විසඳාගැනීමට උත්සාහ කළ යුතු අතර සෙසු රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත්වීම් හා සෙසු රටවල ස්ථාවරත්වය විනාශ කිරීමට කරන උත්සාහයන් නතර කළ යුතු බව මාඕ නිං මහත්මිය අවධාරණය කර ඇත.