චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුවට එක් වෙයි
2023-03-27 18:43:15
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතා ලබන 30 වැනිදා බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුවේ සමාරම්භක උත්සවයට එක් වෙමින් ප්‍රධාන දේශනය පවත්වයි.

සිංගප්පූරු අගමැති Lee Hsien Loong මහතා, මැලේසියානු අගමැති Anwar Ibrahim මහතා, ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez මහතා, කොට් ඩිවොයෙරේ රජයේ අගමැති Patrick Achi මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජිවා මහත්මිය එම සමුළුවට සහභාගි වනු ඇත.

මීට සමගාමීව අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ආරාධනයෙන්, සිංගප්පූරු අගමැති Lee Hsien Loong, මැලේසියානු අගමැති Anwar Ibrahim සහ ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez යන මහත්වරු මෙම කාලසීමාවේදී නිල සංචාරයක නිරත වීමට ද නියමිතය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම