හොන්ඩියුරස් රාජ්‍ය චීනය සමග ආරම්භ කළ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවයට චීනයේ පැසසුම්
2023-03-27 18:47:37
Share with:

හොන්ඩියුරස් රාජ්‍යය කිසිදු දේශපාලන කොන්දේසියක් ඉදිරිපත් නොකර චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ආරම්භ කිරීමට තීරණය කිරීම චීනයේ පැසසුමට ලක් වූ බව ප්‍රකාශ කෙරේ.

චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය එසේ පැවසුවේ අද(27) බෙයිජිංහි පැවති මාධ්‍ය හමුවකදීය. හොන්ඩියුරස් රාජ්‍යයේ තීරණය, එකම චීනය මූලධර්මය මත සිදු කළ දේශපාලන තීරණයක් බව ද ඇය පැවසුවාය.

රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය ගොඩනැගීම, ගනුදෙනුවක් නොවේ. එසේම, මෑත වසර වල, පැනමාව, ඩොමිනිකන් ජනරජය, එල් සැල්වදෝරය, නිකරගුවාව ඇතුළු රටවල් චීනය සමග රා‍ජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව ගොඩනැගීම හෝ යළි ආරම්භ කිරීම, ‍දේශපාලන කොන්දේසියක් මත සිදු කෙරුණු තීරණ නොවන බව ද මාඕ නිං මහත්මිය විස්තර කළාය. 

තායිවාන ප්‍රදේශයේ අධ්‍යාපනය ලබමින් සිටින හොන්ඩියුරස් ජාතික සිසුන්ට චීන පාර්ශ්වයේ උපකාර අවශ්‍ය වන බවට එරට විදේශ අමාත්‍ය Eduardo Enrique Reina මහතා සිදු කළ ප්‍රකාශය කෙරේ මාඕ නිං මහත්මිය ප්‍රතිචාර දැක්වූවාය. චීන මහ ගොඩබිමේ අධ්‍යාපනය ලබා ගැනීමට කැමැත්ත ඇති හොන්ඩියුරස් සිසුන් සියල්ලම පිළි ගැනීමට චීන පාර්ශ්වය සූදානම් බව ඇය ප්‍රකාශ කළාය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම