ඉදිරි වසර 25ක සැලැස්ම පිළිබඳව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි
2023-03-27 14:53:12
Share with:

වසර 2026 වන විට රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 15%ක් දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බව හාවඩ් විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටී. 

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අනුමත කළ වසර හතරක වැඩසටහන මේ වසරේ සිට ක්‍රියාත්මක කිරීමෙන් රටේ ආර්ථිකය ස්ථාවර කර ගැනීමට අපේක්ෂා කෙරේ. 

මේ වැඩසටහන මඟින් ණය කළමනාකරණය වැඩිදියුණු කිරීම සහ රාජ්‍ය වියදම් පාලනය කිරීම සිදු කෙරෙන අතරතුර අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවා සඳහා අවශ්‍ය මූල්‍ය සම්පත් මෙන්ම සමාජ ආරක්ෂණ ජාලය පුළුල් කිරීමටත්, මිල ස්ථායීතාව ප්‍රතිෂ්ඨාපනය කිරීමටත් ඉඩ සැලසෙන බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

ඉදිරි වසර 25දී කලාපය තුළ ශ්‍රී ලංකා ආර්ථිකය මධ්‍යකාලීනව ඉහළ වර්ධන මාවතකට ගෙන ඒමටත්, ආර්ථික වර්ධන වේගය සියයට 7 සිට සියයට 8 දක්වා ඉහළ නංවාගැනීමටත් අපේක්ෂිතය. ඉදිරි වසර දහය දක්වා නව අපනයනවලින් ඩොලර් බිලියන 3ක වාර්ෂික වර්ධනයක් සහ ඉදිරි වසර දහය සඳහා වාර්ෂිකව ඩොලර් බිලියන 3ක ආයෝජනයක් අපේක්ෂා කෙරේ. ජාත්‍යන්තර වෙළෙඳපොළ ජය ගත හැකි තරගකාරි ශ්‍රම බලකායක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති බවද ජනාධිපතිවරයා පැවසීය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම