ඊශ්‍රායලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර නිදහස් වෙළඳ ගිවිසුමක්
2023-03-27 10:43:31
Share with:

ඊශ්‍රායලය හා එක්සත් අරාබි එමීර් රාජ්‍යය අතර නිදහස් වෙළඳ ගිවිසුමකට අත්සන් තැබේ.

ඊශ්‍රායලයේ විදේශ ඇමති Eli Cohen සහ එරට එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තානාපති Mohamed Al Khaja යන මහත්වරු ද්විපාර්ශ්වික ගිවිසුමට ඊයේ (26) රාත්‍රී අත්සන් තැබූහ. දෙරට මීට පෙර එළඹ ඇති පූර්ණ ආර්ථික හවුල්කාරීත්වයේ සමස්ත අන්තර්ගතයන් මෙම ගිවිසුමෙන් බලගැන්වේ. ඊශ්‍රායලය, අරාබි රටක් සමග අත්සන් කළ ප්‍රථම නිදහස් වෙළඳ ගිවිසුම මෙයයි.

ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසු, දෙපාර්ශ්වය අතර වෙළඳාම් කෙරෙන භාණ්ඩවලින් 96%ක් තීරුබදුවලින් නිදහස් කිරීමට හෝ අඩු කිරීමට අපේක්ෂිත ය. එසේම, ඊශ්‍රායල සමාගම්වලට එක්සත් අරාබි එමීර් රජයේ ටෙන්ඩර් සඳහා එක්වීමට ද අවසර හිමි වේ. මේ යටතේ, ද්විපාර්ශ්වික වෙළඳ වපසරිය කැපීපෙනෙන අයුරින් පුළුල් වනු ඇත. ඊශ්‍රායල වෙළඳපොළේ අතිරේක රැකියා අවස්ථා නිර්මාණය වන අතර, එරට ජීවන වියදම අඩුවීම ද විශේෂත්වයකි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම