ස්වයං විදේශ රැකියාවට ලියාපදිංචි මාර්ගගත ක්‍රමවේදය
2023-03-27 15:00:59
Share with:

විදේශ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් විදේශගතවන ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පළමු ලියාපදිංචිය මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ අයදුම්කිරීම සඳහා පහසුකම් සලසා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

මෙහිදී රැකියා අපේක්ෂිත ශ්‍රී ලාංකිකයන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිල වෙබ් අඩවිය වන  www.slbfe.lk වෙබ් අඩවියේ ඇති  Online Self Registration  සබැඳියට පිවිසීමෙන් අදාල සේවාව ලබාගත හැකිය. මෙම පහසුකම භාවිත කිරීමෙන් ස්වයං ලියාපදිංචියකදී කාර්යාංශයට ලබාදිය යුතු ලිපි ලේඛනවල නිරවද්‍යභාවය පිළිබඳව පූර්ව තහවුරුවක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ලබාගැනීමට හැකි බවත් එම කාර්යාංශය කියා සිටී.

වැඩි විස්තර කාර්යාංශයේ පැය 24 සේවාවට 1989 ඔස්සේ ඇමතීමෙන් ලබාගත හැකිය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම