බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුව හෙට (28) ඇරඹේ
2023-03-27 16:13:29
Share with:

බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුව හෙට (28) සිට 31 වනදා දක්වා චීනයේ Hainan පළාතේ බෝඅඕ හිදී පැවැත්වෙයි. ඒ සඳහා සියලු කටයුතු මේ වන විට සූදානම් ව පවතී.

මෙවර සමුළුවේ තේමාව "අවිනිශ්චිත ලෝකයක්: සමගිය සහ සහයෝගිතාව තුළින් අභියෝගවලට මුහුණ දීම, විවෘතභාවය සහ අන්තර්ග්‍රහණය ඔස්සේ සංවර්ධනය නැංවීම" යන්නයි. රටවල් හා ප්‍රදේශ 50කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් 2000 ක් සමුළුවට එක්වනු ඇත. “එක් තීරයක් එක් මාවතක්” වැඩපිළිවෙළ, චීන ලක්ෂණවලින් යුත් නවීකරණය, ආසියානු කලාපීය සහයෝගිතාව, ලෝක ආර්ථික සංවර්ධනය හා ගෝලීය භූ දේශපාලන ඉදිරි දැක්ම ඇතුළු විවිධ කරුණු පිළිබඳව එම සමුළුවේදී සාකච්ඡා කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම