ලතින් ඇමරිකාවට පැනවූ සම්බාධක ඉවත් කරන්න-හොන්ඩුරාස් ජනපතිනි ඇමරිකාවෙන් ඉල්ලයි
2023-03-27 16:08:01
Share with:

ලතින් ඇමරිකාවට එරෙහි සම්බාධක ඉවත් කරන ලෙස හොන්ඩුරාස් ජනපතිනි ඇමරිකාවෙන් ඉල්ලීමක් කරයි.

පසුගිය දා ඩොමිනිකාවේදී අවසන් වූ 28 වන Ibero-American රටවල නායක සමුළුව අමතා හොන්ඩුරාස් ජනාධිපතිනි Xiomara Castro මහත්මිය එම ඉල්ලීම ඉදිරිපත් කළාය.

ඇමරිකාව වෙනිසියුලාව හා නිකරගුවාව යන රටවලට එරෙහි සම්බාධක, කියුබාවට පැනවූ සම්බාධක හා අසාධාරණ ලෙස සැලකීම අවසන් කළ යුතු බව ද ඇය ප්‍රකාශ කළාය.එවැනි සම්බාධක වසර 60කට අධික කාලයක පටන් අඛණ්ඩව පවත්වාගෙන යාමෙන් කිසිඳු සක්‍රීය ප්‍රතිඵලයක් නොමැති අතර සම්බාධක පැනවූවන්ද ඊට සමාන තත්ත්වයට මුහුණ දෙන බව ඇය එහිදී පැවසුවාය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම