චීනය හා හොන්ඩියුරාස් රාජ්‍යය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇරඹීම නිවැරදි තීරණයකි
2023-03-27 10:57:29
Share with:

                 

                  චීනය හා හොන්ඩියුරාස් රාජ්‍යය රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කළ බව ඊයේ (26) ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, හොන්ඩියුරාස් රාජ්‍යය චීනයේ තායිවානය සමග පැවති සම්බන්ධතා අත්හිටුවීමෙන් අනතුරුව ය. මේ වනවිට චීනය සමග තානාපති සම්බන්ධතා ස්ථාපිත කර ඇති රටවල් සංඛ්‍යාව 182 ක් වන අතර, චීනයේ තායිවානය සමග ඊනියා රාජ්‍යතාන්ත්‍රික සබඳතා පවත්වන රටවල් සංඛ්‍යාව 13 ක් පමණි.

                 ලෝකයේ ඇත්තේ එකම චීනයකි. චීන මහජන සමූහාණ්ඩුව යනු, චීනය නියෝජනය කරන ලොව එකම නීත්‍යනුකූල රජයයි. තායිවානය යනු චීන දේශයෙන් වෙන් කළ නොහැකි කොටසකි. 1971 වසරේ එක්සත් ජාතීන්ගේ මහ සම්මේලනය අංක 2758 දරන තීරණය මගින් එකම චීනය මූලධර්මය ස්ථිර කර තිබේ. එබැවින් හොන්ඩියුරාස් රාජ්‍යය, චීන මහජන සමූහාණ්ඩු රජය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ආරම්භ කිරීම නිවැරදි  තීරණයක් බව කිව හැකි ය. ලතින් ඇමරිකානු රටක් වශයෙන් හොන්ඩියුරාස් රාජ්‍යයට අභිමානයෙන් යුතුව සංවර්ධනය වීම කෙරේ තිබෙන දැඩි අභිලාෂය ද එම තීරණය තුළින් පිළිබිඹු වේ.

                  ඇමරිකාව කාලාන්තරයක් තිස්සේ ලතින් ඇමරිකානු රටවල් සලකන්නේ සිය නිවස පිටුපස ඇති මිදුල වශයෙනි. එම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමට ඇමරිකාව හුරුපුරුදුව සිටී. චීනය සමග රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා ගොඩනැගීමට කැමැත්තෙන් සිටින ලතින් ඇමරිකානු රටවලට තර්ජනය කරමින් 2020 වසරේ ඇමරිකාව  “තායිපේ පනත ” අනුමත කළේය. චීනය සමග තානාපති සබඳතා ආරම්භ කිරීමට කැමති බව මෑතක දී හොන්ඩියුරාස් ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් පසු ඇමරිකාව වහාම එම කැමැත්තට බාධා කිරීමට ද තැත් කර ඇත. එහෙත් ඇමරිකාවේ එම උත්සාහය අකර්මණ්‍ය විය. කෙසේවෙතත් එකම චීනය මූලධර්මය අභියෝගයට ලක්කිරීමට දරන ඕනෑ ම උත්සාහයක් නිෂ්ඵල වන බව නිසැක යථාර්ථයකි.

             

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම