ඉන්දු - ලංකා මගී යාත්‍රා සේවය අප්‍රේල් අග සිට
2023-03-27 14:59:14
Share with:

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර මගී යාත්‍රා සේවාව අප්‍රේල් මස 29 වන දින සිට ආරම්භ කරන බව වරාය නාවික සහ ගුවන් සේවා අමාත්‍යංශය පවසයි.

ඉන්දියාවේ පණ්ඩිචේරි කරියක්කාල් වරායේ සිට කන්කසන්තුර වරාය දක්වා එම සේවාව ක්‍රියාත්මක කිරීමට නියමිතය.

මෙම මගී සේවාව ආරම්භ කිරීමත් සමඟම එක් යාත්‍රාවක වරකට මගීන් 150 දෙනෙකුට පමණ ගමන් කළ හැකි අතර අදාළ ගමනාන්තය සඳහා පැය 4ක කාලයක් ගත වනු ඇත.

එක් ගමන් වාරයක් සඳහා මගියෙකුගෙන් ඩොලර් 50ක් අය කිරීමට මෙහිදී අවධානය යොමුව ඇත. එක් මගියෙකුට කිලෝ 100ක භාණ්ඩ රැගෙන යාමට හැකිය.

ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සිටින ඕනෑම ව්‍යාපාරිකයෙකුට මෙම මගී යාත්‍රා සේවාවට සම්බන්ධ විය හැකි බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම