බැංකු අර්බුදය විසඳීමට පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති වීම සම්බන්ධයෙන් ඇමරිකාවේ මූල්‍ය විශේෂඥයින්ගෙන් ඇමරිකාවට චෝදනා
2023-03-27 10:15:17
Share with:

බැංකු අර්බුදය විසඳීමට පැහැදිලි ප්‍රතිපත්තියක් නොමැති වීම සම්බන්ධයෙන් ඇමරිකාවේ මූල්‍ය විශේෂඥයින් ඇමරිකාව විවේචනය කරයි. බ්‍රිතාන්‍ය "ෆයිනෑන්ෂල් ටයිම්ස්" ඊයේ (26) පළ කළ ලිපියක දැක්වෙන්නේ, ඇමරිකානු නිලධාරීන් මූල්‍ය වෙළඳපොළේ අර්බුදය අවසන් කිරීමට සහ බැංකු සංසිද්ධිය ලිහිල් කිරීමට බලාපොරොත්තු වුව ද ගැටළුව විසඳීම සඳහා පැහැදිලි ප්‍රතිපත්තිමය සහයක් ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බවයි. බැංකු අර්බුදයට ප්‍රතිචාර වශයෙන් ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ සභාපති ජෙරොම් පවෙල් මහතා සහ ඇමරිකානු භාණ්ඩාගාර ලේකම් ජැනට් යෙලන් මහත්මිය විසින් මෑතකාලීනව ගත් ක්‍රියාමාර්ග තුළින් එය පෙන්නුම් කරන බව ද එම ලිපියේ සඳහන් කර ඇත.  

මෙම පරස්පර විරෝධී ප්‍රවේශය එක්සත් ජනපද මූල්‍ය වෙළඳපොළේ අවිනිශ්චිතතාවයන් ඇති කිරීමට හේතු වී ඇති බවට සමහර විශේෂඥයින් අනතුරු අඟවයි. අවිනිශ්චිතතාවය දීර්ඝ කාලයක් පැවතීමෙන්, කුඩා බැංකු ලබන සමුච්චිත පාඩුව ද ක්‍රමයෙන් ඉහළ යන අතර  , අනාගතයේ දී බැංකු ගනුදෙනුකරුවන් නැවත බැංකු වෙත පැමිණීමේ ඉඩකඩ අඩු විය හැකි බවට ද  විශේෂඥයින් අනතුරු අඟවා තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම