ඇමරිකාව හා කැනඩාව නඟන අහේතුක චෝදනා චීනය හෙළා දකියි
2023-03-27 16:54:54
Share with:

ඇමරිකාව හා කැනඩාව, චීනය කෙරේ අහේතුක චෝදනා නැගීම නතර කළ යුතු බව චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා මාඕ නිං මහත්මිය පවසයි.

ඇය එසේ පැවසුවේ බෙයිජිංහි අද(27) පැවති මාධ්‍ය හමුවකදීය. ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් පසුගියදා සිදුකළ කැනඩානු සංචාරයේදී කැනඩා අගමැතිවරයා සමග ඒකාබද්ධ නිවේදනයක් පළ කරමින් චීනයට අපහාස කිරීමේ ප්‍රකාශයන් නිකුත් කිරීම පිළිබඳව ඇය අදහස් දැක්වූවාය. චීනයට සිදු කළ එවන් අහේතුක චෝදනාවලට දැඩි ලෙස විරුද්ධ වන බව මාඕ නිං මහත්මිය පැවසුවාය.

එම රටවල් දෙක කුහක ව හැසිරෙමින් චීනයේ ස්වාධිපත්‍යය හා ‍‍භෞමික අඛණ්ඩතාව පිළිබඳ ප්‍රශ්න සම්බන්ධයෙන් ද්විත්ව ප්‍රමිතීන් ක්‍රියාත්මක කර ඇතැයි ඇය පෙන්වා දෙයි. තායිවාන ප්‍රශ්නය, චීනයේ ස්වාධිපත්‍යය හා ‍භෞමික අඛණ්ඩතාවට අදාල අභ්‍යන්තර කටයුත්තකි. ඇමරිකාව හා කැනඩාවට ඒ පිළිබඳව චෝදනා නැගීමට කිසිදු අයිතියක් නොමැති බව ද ඇය කියා සිටියාය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම