ඇමරිකාවේ Tiktok මර්දනයට චීන විදේශ අමාත්‍යංශයෙන් ප්‍රතිචාර
2023-03-27 17:06:46
Share with:

අන් අය මැඩපැවැත්වීමෙන් තමන් ශක්තිමත් නොවන බව චීනය කියා සිටී.ඇමරිකාව Tiktok වේදිකාවට එරෙහිව සම්බාධක පැනවීම සම්බන්ධයෙන් චීනය මෙම අදහස් පළ කර ඇත.

අද(27) පැවති මාධ්‍ය හමුවේදී චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය Tiktok හා සම්බන්ධ ප්‍රශ්නයට පිලිතුරු දෙමින් මේ අදහස් පළ කළාය.Tiktok ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට  තර්ජනයක් වන බවට කිසිදු සාක්ෂියක් නොමැත.එහෙත් ඇමරිකාව අඛණ්ඩව අදාළ චීන ව්‍යවසායන් කෙරෙහි වැරදි උපකල්පනයෙන් යුතුව අසාධාරණ ලෙස ප්‍රහාර එල්ල කරමින් සිටින බවද ඇය සඳහන් කළාය.

වෘත්තීය ප්‍රශ්න වෘත්තීය ක්‍රමවේදයන් ඔස්සේ විසඳා ගත යුතු බවත් අන් අය මැඩපැවැත්වීමෙන් තමන් ශක්තිමත් නොවන බවත් ඇය අවධාරණය කළාය. 

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම