බහුපාර්ශ්වවාදය අනුගමනය කොට ගෝලීය සමෘද්ධිය හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සඳහා ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුවේ සභාපති Jin Liqun මහතා ප්‍රකාශ කළේය. ඊයේ(26) බෙයිජිං හි දී ආරම්භ වූ 2023 චීන සංවර්ධන සංසදයේ වාර්ෂික රැස්වීමේ දී Jin Liqun මහතා මේ බව පැවසීය.
චීනය විසින් යෝජිත ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව විවිධ රටවල විවිධ ක්ෂේත්‍රවල සංවර්ධනයට අඛණ්ඩව සහය වනු ඇතැයි හෙතෙම එහි දී පෙන්වා දුන්නේය.
සාමකාමී සංවර්ධනයට සහය දෙමින් ප්‍රතිසංස්කරණය හා විවෘතභාවයට අනුගත වෙමින් කටයුතු කරන චීනය, ගෝලීය මූල්‍ය සහ ආර්ථික පටිපාටිය ස්ථාවර කිරීමට සක්‍රීය කාර්යභාරයක් ඉටු කරනු ඇතැයි විශ්වාස කරන බව ද Jin Liqun මහතා සඳහන් කළේය.
ආරම්භ වී වසර 8ක් පුරාවට ආසියානු යටිතල පහසුකම් ආයෝජන බැංකුව ඉතා වැදගත් ජයග්‍රහණ ලබා ඇත. ගෙවී ගිය වසර කිහිපය තුළ එම බැංකුව, ශ්‍රී ලංකාවේ ණය අර්බුදය විසඳීම සහ පකිස්ථානය දරුණු ගංවතුර විපතට මුහුණ දීම යනාදී ව්‍යාපෘති රැසකට සහය වූ බව ද හෙතෙම කියා සිටියේය. ඒ අනුව බහුපාර්ශ්වික ආයතනයක් වශයෙන් එය වැදගත් කාර්යභාරයක් ඉටු කොට තම විශ්වසනීයත්වය වැඩි දියුණු කර ගෙන ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවසීය.