අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට නොමිලේ සහල්
2023-03-26 16:42:27
Share with:

රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත් කර අඩු ආදායම්ලාභී පවුල් අතර බෙදා දීමේ වැඩ සටහන හෙට සිට (27) ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

මෙවර මහ කන්නයේ දී ගොවීන් වෙතින් රජය විසින් වී මෙට්‍රික් ටොන් 61,300ක් මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු යොදා ඇත.

ඒ සඳහා පළමු අදියර යටතේ රුපියල් බිලියන 10ක මුදලක් වෙන් කර තිබේ.

වී මිල දී ගැනීම වී අලෙවි මණ්ඩලය විසින් නොව දිස්ත්‍රික් ලේකම්වරු සහ ප්‍රාදේශීය ලේකම්වරුන් මගින් සිදු කිරීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 20කට මෙම සහල් ලබා දීමට නියමිතයි.

ඒ අනුව මාසයකට එක් පවුළකට සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් නොමිලයේ සහල් ලබා දීමට රජය තීරණය කර ඇත.

 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම