ගෝලීය ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා සම්මුතිය සහ සහයෝගීතාව අත්‍යවශ්‍ය බව චීන ජනාධිපතිවරයා පවසයි
2023-03-26 15:32:08
Share with:

චීන ජනාධිපති ෂී ජින්පිං මහතා 2023 චීන සංවර්ධන සාකච්ඡා සභාවට සුභ පැතුම් පණිවිඩයක් යොමු කරයි.

ශතවර්ෂයකින් සිදු නොවූ ආකාරයේ සුවිශේෂී වෙනස්කම් ලොව පුරා වේගවත් වෙමින් පවතින අතර කලාපීය ගැටුම් සහ කැළඹීම් නිතර සිදුවන බවත් ගෝලීය ආර්ථික ප්‍රකෘතිය මන්දගාමී  බවත් ෂී ජින්පිං මහතා  සඳහන් කරයි. ගෝලීය ආර්ථික ප්‍රකෘතිය වෙනුවෙන් පහසුකම් සැලසීම සඳහා සම්මුතිය සහ සහයෝගීතාව අත්‍යවශ්‍යය.

චීනය විසින් යෝජනා කරන ලද ගෝලීය සංවර්ධන මුලපුරුම සඳහා ජාත්‍යන්තර ප්‍රජාවෙන් පුළුල් සහයෝගයක් සහ සක්‍රීය ප්‍රතිචාරයක් ලැබී තිබේ.ලෝකයට විවෘතවීමේ මූලික ජාතික ප්‍රතිපත්තියෙහි චීනය තවදුරටත් එල්බ සිටිනු ඇත. චීන සංවර්ධනයේ නව ප්‍රගතිය සමඟ ලෝකයට නව අවස්ථා නිර්මාණය කිරීමට චීනය අඛණ්ඩව ක්‍රියා කරන බවද චීන ජනාධිපතිවරයා යොමු කළ සුභ පැතුම් පණිවිඩයේ දැක්වේ. 2023 චීන සංවර්ධන සාකච්ඡා සභාව, ආර්ථික ප්‍රකෘතිය:අවස්ථා හා සහයෝගතාව මැයෙන් බෙයිජිං නුවර දී ආරම්භ විය. චීන රාජ්‍ය මණ්ඩලයේ සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානය එය සංවිධාන කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම