බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුව වෙනුවෙන් විවිධ සේවා හා සහතික කිරීමේ කටයුතු ක්‍රියාත්මක කෙරේ.
2023-03-26 16:06:16
Share with:

බෝඅඕ ආසියා සංසදයේ 2023 වාර්ෂික සමුළුව ලබන 28 වනදා සිට 31 වනදා දක්වා චීනයේ Hainan පළාතේ බෝඅඕ හිදී පැවැතුවෙනු ඇත. මේ වනවිට රටවල් හා ප්‍රදේශ 40කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් මෙවර සමුළුවට එක්වීම තහවුරු ‍කර තිබේ. එම නියෝජිතයන්ගේ අවශ්‍යතාවට අනුව මෙවර සමුළුවේ සේවා සහතික කණ්ඩායම පරිවර්තන කරන්නන් 50ක් පමණ බඳවා ගෙන තිබේ. වෙනස් රටවල සංස්කෘතික සිරිත් විරිත් හා ඇදහීමට අනුව මෙවර සමුළුවේදී විශේෂ ආහාර ලේඛන සකස් කර තිබේ. එමෙන්ම මෙවර සමුළුවේදී ප්‍රථම වරට සම්පූර්ණයෙන්ම විදුලි බල මෝටර් රථ යොදා ගනු ඇත. සමුළුවේදී විදුලි බලශක්ති සැපයුම සහතික කිරීම වෙනුවෙන් Hainan පළාතේ Qionghai නගරයේ විදුලි බල දෙපාර්තමේන්තුව විදුලි සහතික කිරීමේ හදිසි කණ්ඩායමක් ස්ථාපිත කර තිබේ. එමෙන්ම වැදගත් සමුළු සමය තුළ විදුලි බල අවශ්‍යතා වෙනුවෙන් හදිසි උත්පාදක මෝටර් රථයක් හා අඛණ්ඩ විදුලි ජනක 3ක් සවි කර ඇත.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම