චීනය හා හොන්ඩියුරස් රාජ්‍යය රාජ්‍ය තාන්ත්‍රිකා සබඳතා ආරම්භ කිරීමට අදාළ ඒකබද්ධ ලියවිල්ලකට අත්සන් තබයි. බෙයිජිං නුවර දී අදාළ ලියවිල්ලට අත්සන් තැබිණ.චීන රාජ්‍ය මණ්ඩල සාමාජික හා විදේශ අමාත්‍ය චින් ගාන්ග් මහතා සහ හොන්ඩියුරස් රාජ්‍යයේ විදේශ ඇමතිවරයා ඊට අත්සන් තැබූහ. එම ලියවිල්ලට අනුව චීන මහජන සමූහාණ්‍ඩුව සහ හොන්ඩියුරස් ජනරජය දෙරටේ ජනතාවගේ අභිලාෂයන්‍ට අනුව එකිනෙකා පිළිගනිමින් එම ලියවිල්ල අත්සන් කළ දින සිට තානාපති මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට එකඟවී තිබේ.
අන්‍යෝන්‍ය ගෞරවය, අන්‍යෝන්‍ය ලෙස ආක්‍රමණශීලී නොවීම, එකිනෙකාගේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම, සමානාත්මතාවය, අන්‍යෝන්‍ය ප්‍රතිලාභ සහ සාමකාමී සහජීවනය යන මූලධර්ම මත පදනම්ව දෙරට අතර මිත්‍ර සබඳතා වර්ධනය කිරීමට දෙරටේ රජයන් එකඟවන බව එම ලියවිල්ලේ දැක්වේ
ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවත්, චීන මහජන සමූහාණ්ඩු රජය සමස්ත චීනයම නියෝජනය කරන එකම නීත්‍යනුකූල රජය බවත්, තායිවානය චීන භූමියෙන් වෙන් කළ නොහැකි කොටසක් බවත් හොන්ඩියුරස් රාජ්‍යය පිළිගෙන තිබේ.
හොන්ඩුරාස් ජනරජයේ රජය අද ( 26) සිට තායිවානය සමඟ "රාජ්‍ය තාන්ත්‍රික සබඳතා" අත්හැරිය යුතු අතර තවදුරටත් තායිවානය සමඟ කිසිදු නිල සබඳතා හෝ නිල හුවමාරුවක් වර්ධනය නොකරන බවට ප්‍රතිඥා දී තිබේ. හොන්ඩුරාස් රාජ්‍යයේ මෙම ස්ථාවරය චීන මහජන සමූහාණ්ඩුවේ රජය අගය කරන බව ද එම ඒකාබද්ධ ලියවිල්ලේ දැක්වේ.