ඇමරිකානු සමාජයේ අශුභවාදී හැඟීම් ඉහළට
2023-03-26 16:48:56
Share with:

The Wall Street Journal පුවත්පත සහ ඇමරිකානු ජනමත පර්යේෂණ පිළිබඳ ජාතික මධ්‍යස්ථානය පසුගිය 24වැනිදා පළ කළ ඒකාබද්ධ මත විමසුමකට අනුව, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 80%ක් පමණ තම ආර්ථික තත්ත්වය යහපත් නොවන බව පවසා ඇත. සමීක්ෂණයට එක් වූවන්ගෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ලබන වසරේ වඩාත් අයහපත් තත්ත්වයන් අපේක්ෂා කරති. ප්‍රතිචාර දැක්වූවන්ගෙන් 78%ක් පවසා ඇත්තේ තම දරුවන්ට වඩා හොඳින් ජීවත් විය හැකි බවට විශ්වාසයක් නොමැති බවයි. සෞඛ්‍ය සේවා සහ නිවාස වියදම් විශේෂයෙන් කනස්සල්ලට හේතුවී ඇති අතර, ප්‍රතිචාර දැක්වූවන්ගෙන් තුනෙන් දෙකකට ආසන්න ප්‍රමාණයක් උද්ධමනය පිළිබඳ කරණු මතු කර තිබේ. අශුභවාදය ඇමරිකානු සමාජය පුරා පැතිර  පවතින බව එයින් පිළිබිඹු වේ.

මෙම සමීක්ෂණය මේ මස 1 වැනිදා සිට 13 වැනිදා දක්වා සිදු කර ඇති අතර, ඊට ඇමරිකානු වැඩිහිටි පුද්ගලයෝ 1,019 දෙනෙක් සම්බන්ධ වූහ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම