රෝගාතුරව සිටින බ්‍රසීල ජනාධිපතිවරයාට චීන ජනාධිපතිවරයා ඉක්මන් සුවය පතයි
2023-03-26 19:43:00
Share with:

චීන ජනාධිපතිවරයා බ්‍රසීල ජනාධිපතිවරයා වෙත පණිවිඩයක් යොමු කරයි.

ඉන්ෆ්ලුවෙන්සා සහ නියුමෝනියාව ‍වැළඳී රෝගාතුර වීම හේතුවෙන් බ්‍රසීල ජනාධිපති Luiz Inacio Lula da Silva මහතාගේ චීන සංචාරය කල් දැමිණ. මේ සම්බන්ධයෙන් අද (26) චීන ජනාධිපති ෂී ජින් පිං මහතා බ්‍රසීල ජනාධිපතිවරයා වෙත විශේෂ පණිවිඩයක් යොමු කර ඇත. චීන ජනාධිපතිවරයා එම පණිවිඩය මගින් බ්‍රසීල ජනාධිපතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමින් කියා සිටියේ සුවය ලැබීමෙන් පසු  බ්‍රසීල ජනාධිපතිවරයා  සාදරයෙන් පිළිගැනීමට චීනය  සූදානමින් සිටින බවයි.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම