2023 චීන සංවර්ධන සාකච්ඡා සභාව බෙයිජිං හිදී ඇරඹේ
2023-03-26 16:14:01
Share with:

2023 චීන සංවර්ධන සාකච්ඡා සභාව අද(26) බෙයිජිං හිදී ආරම්භ විය. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටු සාමාජික හා උප අග්‍රාමාත්‍ය Ding Xuexiang මහතා, එම ආරම්භ උත්සවයේ දී චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ සුභ පැතුම් පණිවුඩය ඉදිරිපත් කළ අතර, දේශනයක් ද සිදු කළේ ය.

Ding Xuexiang මහතා පෙන්වා දුන්නේ, පසුගිය වස‍රේ ෂී ජින් පිං මහතා කෙන්ද්‍ර කර ගත්  චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාවේ ප්‍රබල නායකත්වය යටතේ, චීනය සමස්ත ආර්ථික හා සමාජ ස්ථාවරත්වය පවත්වාගෙන ඇති බවයි. මෙම වසරේ නව සංවර්ධන රටාවක් ගොඩනැගීම වේගවත් කෙරෙන අතර, උසස් තත්ත්වයේ සංවර්ධනය ප්රවර්ධනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු ය. එසේම ඒ ඒ රටවල හා පාර්ශ්ව සමඟ වෙළඳපල අවස්ථා බෙදා ගැනීමට ද ක්‍රියා කෙරෙන අතර, ලෝක ආර්ථිකයේ ස්ථාවර ප්‍රකෘතිය ප්‍රවර්ධනය කළ යුතු බව ද, Ding Xuexiang මහතා එහිදී කියා සිටියේ ය.

මෙවර චීන සංවර්ධන සාකච්ඡා සභාව චීන රාජ්‍ය මණ්ඩලයේ සංවර්ධන පර්යේෂණ මධ්‍යස්ථානයේ ප්‍රමූඛත්වයෙන් පැවැත්වේ. දෙස් විදෙස් විශේෂඥයින් සහ විද්වතුන්, ව්‍යවසායකයින්, රාජ්‍ය නිලධාරීන් සහ ජාත්‍යන්තර සංවිධානවල නියෝජිතයෝ, එම සමාරම්භක උත්සවයට සහභාගී වූහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම