කොවිඩ් මූලාශ්‍රය පදනම්ව චීනයට මඩ ගැසීමට ඇමරිකාව දරන අසාර්ථක උත්සාහය
2023-03-26 17:11:30
Share with:

කොවිඩ් වෛරසයේ මූලාශ්‍රය පිළිබඳව යළි කටකතාවක් නිර්මාණය කිරීමට ඇමරිකාව වෙහෙසෙමින් සිටී. චීනයට මඩ ගැසීම හැර එහි කිසිදු අරමුණක් නොමැත. කොවිඩ් වෛරසයේ මූලාශ්‍රය පිළිබඳ වාර්තාවක් දින 90ක් තුළ සකස් කරන්නැයි  2021 වසරේ ඇමරිකානු රජය සිය ඔත්තු සේවා ආයතනවලට නියෝග කළ බව අපට තවමත් මතක ය. කිසිදු සත්‍යයක් මත පදනම් නොවූ එම වාර්තාව අවසානයේ හරසුන් කඩදාසි පමණක් විය.

මෑතදී ඇමරිකානු රජය එවන් නාඩගමක් යළි රඟ පෑවේ ය.එම රඟපෑමට දායක වූයේ ඇමරිකානු රාජ්‍ය ආයතන, දේශපාලනඥයන් හා මාධ්‍ය ආයතන ය. මෑතදී Wall Street Journal පුවත්පත ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව විසින් ධවල මන්දිරයට හා ‍කොංග්‍රසයට ලබා දුන් රහසිගත වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටියේ කොවිඩ් වෛරසය බොහෝ දුරට චීනයේ රසායනාගාරයකින් අනපේක්ෂිත ව පිටතට පැතිර ගිය බවයි. ඉන් අනතුරුව ඇමරිකාවේ ප්‍රධාන මාධ්‍ය ආයතන සහ දේශපාලනඥයන් ඊට සහය දෙමින් චීනය වැරදිකරුවා බවට පත් කර තිබේ. එහෙත් එම වාර්තාව තුළ අප්‍රමාණවත් තොරතුරු, සැකසහිත කරුණු හා ගැටළු සහගත තොරතුරු මූලාශ්‍රය වැනි ප්‍රශ්න තිබෙන බැවින් ඇමරිකානු බලශක්ති දෙපාර්තමේන්තුව එම වාර්තාව “අවම විශ්වාසී”වශයෙන් ශ්‍රේණිගත කර ඇත. කිසිදු සත්‍යයක් පදනම් නොවූ , තමන්ට විශ්වාස කළ නොහැකි එවන් වාර්තාවක් මගින් ඇමරිකාව උත්සාහ කරන්නේ චීනයට මඩගැසීමට ය. එහෙත් එය විහිළුවක් නොවේ ද..?

 ඇමරිකාව චීනයට සලකන්නේ සිය ප්‍රබලම ප්‍රතිවාදියා වශයෙනි.එබැවින් චීනයට පහර දිය හැකි ඕනෑ ම අවස්ථාවක් ඇමරිකාව අත් නොහරී. කෙසේ වෙතත් කොවිඩ් වෛරසයේ මූලාශ්‍රය ‍සොයා ගැනීම දේශපාලනයට නොව විද්‍යාවට පමණක් සීමා වන කරුණකි. මෙම කරුණ මූලික කරගෙන ඇමරිකාව චීනයට මඩගැසීමේ නාඩගම නිෂ්ඵල වන බවට සැකයක් නොමැත.      

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම