චීනය හා හොන්ඩියුරස් රාජ්‍යය රා‍ජ්‍ය තාන්ත්‍රික සබඳතා නිල වශයෙන් ආරම්භ කරයි
2023-03-26 19:11:18
Share with:

චීන හොන්ඩියුරාස් විදේශ ඇමතිවරු දෙරට රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීමේ ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තබති.

චීන රාජ්‍ය මණ්ඩ‍ලයේ සාමාජික විදේශ ඇමති Qin Gang මහතා හා හොන්ඩියුරාස් විදේශ ඇමති Eduardo Reina මහතා අද(26) බෙයිජිංහිදී හමු වෙමින් දෙරටේ රජයන් වෙනුවෙන්‍ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීම පිළිබඳ චීන හොන්ඩියුරාස් ඒකාබද්ධ ප්‍රකාශයට අත්සන් තැබූහ. එකම චීනය මූලධර්මය ජගත් ප්‍රජාවේ පොදු එකඟතාව මෙන්ම ජාත්‍යන්තර සබඳතාවන්හී මූලධර්මයක් යැයි ද Qin Gang මහතා එහිදී පැවසීය. දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීම සම්බන්ධයෙන් හොන්ඩියුරස් රාජ්‍යය දැක්වූ පැහැදිලි ආකල්පය හා ස්ථීර අධිෂ්ඨානය චීනය ඉහළින් අගය කරයි. රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ගොඩනැගීම ආරම්භයක් පමණක් වන අතර දෙපාර්ශ්‍වයේ පොදු උත්සාහ යටතේ දෙරටේ සබඳතාව සුන්දර අනාගතයක්  හිමිකර ගනු ඇතැයි Qin Gang මහතා අපේක්ෂා පළ කළේය.

එකම චීනය මූලධර්මය අනුගමනය කරමින් චීනය සමග විවිධ ක්ෂේත්‍රවල සහයෝගිතා ප්‍රවර්ධනය කිරීමට හොන්ඩියුරස් රාජ්‍යය කැමැත්තෙන් සිටින බව Eduardo Reina මහතා එහිදී කීවේය. චීන තායිවාන ප්‍රදේශයේ ඊනියා තානාපතිවරයා හොන්ඩියුරාස් රාජ්‍යය විසින් ඉවත් කර ගෙන තිබේ. තායිවාන ප්‍රදේශය සමග සියළු ගිවිසුම් ‍අහෝසි කිරීම කඩිනමින් ප්‍රකාශ කරන බව Eduardo Reina මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම