TikTok සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඇමරිකානු කොංග්‍රස් මණ්ඩලයේ සවන්දීමේ සැසිවාරයට එක් වීම පිළිබඳව, චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශික Mao Ning මහත්මිය පෙන්වා දුන්නේ, ඇමරිකාව වෙළඳපල ආර්ථිකයේ සහ සාධාරණ තරඟකාරිත්වයේ මූලධර්මවලට ගරු කළ යුතු අතර, වෙනත් රටවල සමාගම් අසාධාරණ ලෙස මර්දනය කිරීම නැවැත්විය යුතු බවයි.
චීන සමාගම් හෝ පුද්ගලයන්ට දේශීය නීති උල්ලංඝනය කරමින්, විදේශ රටවල දත්ත, තොරතුරු සහ බුද්ධි තොරතුරු ලබා ගැනීමට හෝ රැස් කිරීමට, චීන රජයට කිසිවිටෙකත් අවශ්‍ය නොමැති අතර එසේ සිදු නොකරන බවද, Mao Ning මහත්මිය සඳහන් කළා ය. TikTok ඇමරිකාවේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවට ඇමරිකානු රජය මෙතෙක් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඇමරිකාව අසාධාරණ ලෙස විදේශීය සමාගම් මර්දනය කිරීම නතර කළ යුතු බවත්, ලොව පුරා සිටින සමාගම්වලට ඇමරිකාවේ ආයෝජනය කිරීමට සහ ක්‍රියාත්මක වීමට සාධාරණ පරිසරයක් සැපයිය යුතු බවත්, Mao Ning මහත්මිය පැවසුවා ය.