චීන හා නවසීලන්ත විදේශ ඇමතිවරුන් අතර හමුවක්
2023-03-25 17:37:07
Share with:

චීන රාජ්‍ය මණ්ඩල සාමාජික සහ විදේශ අමාත්‍ය චින් ගාන්ග් මහතා චීනයේ සංචාරයක නිරත  නවසීලන්ත විදේශ අමාත්‍යවරිය හමුවෙයි.රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමේ සිට දෙරට එකිනෙකාට ගෞරව කරමින් සමානත්ව පදනමෙන් පොදු ප්‍රතිලාභ අත්කර ගෙන ඇති බව චීන විදේශ ඇමතිවරයා එම හමුවේදී පැවසීය. වෙනස්කම්  පසෙක තබා පොදු පදනමක් වෙනුවෙන් දෙපාර්ශ්වය ක්‍රියා කර ඇති බවද හෙතෙම සඳහන් ක‍ළේය .

විවිධ සමාජ ක්‍රම, සංස්කෘතීන් සහ සංවර්ධන අවධීන් සහිත රටවල් අතර මිත්‍රශීලී සබඳතා සඳහා ආදර්ශයක් වෙමින් දෙරට දිගුකාලීනව ද්විපාර්ශ්වික සබඳතා ස්ථාවර ලෙස වර්ධනය  කර ගෙන තිබේ.

චීන  නවසීලන්ත රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනැගීමේ 50 වැනි සංවත්සරය පසුගිය වසර‍ට යෙදී තිබූ අතර දෙරටේ නායකයින් වැදගත් එකඟතාවන්ට එළඹ තිබේ.

චීන-නවසීලන්ත පරිපූර්ණ උපායමාර්ගික හවුල්කාරීත්වය තවදුරටත් වර්ධනය කිරීම සඳහා  එම එකඟතාවන් විශ්වසනීය අයුරෙන් ක්‍රියාත්මක කළ යුතු බවද චීන විදේශ ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

චීන-නවසීලන්ත නිදහස් වෙළඳ ගිවිසුම වැඩිදියුණු කිරීම සහ කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරීත්වය මනා ලෙස භාවිත කිරීමේ වැදගත්කම ද හෙතෙම එහිදී පෙන්වා දුන්නේය. එම හමුවේදී අදහස් දැක්වූ නවසීලන්ත විදේශ ඇමතිවරිය, නවසීලන්තය එකම චීනය ප්‍රතිපත්තියේ එල්බ සිටින බව සඳහන් කළාය.ඉහළ මට්ටමේ හුවමාරු සහ මා‍නව හුවමාරු වැඩි දියුණු කිරීමටත්, සාර්ථකත්වයේ පියවරයන් වෙනුවෙන් විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීමටත් අපේක්ෂා කරන බව  ඇය කියා සිටියාය.

දේශගුණික විපර්යාසවලට ප්‍රතිචාර දැක්වීම සහ ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සඳහා චීනයේ ප්‍රමුඛ භූමිකාව ද නවසීලන්ත විදේශ ඇමතිනිය එහිදී පෙන්වා දුන්නාය.

 

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම