පාර්ලිමේන්තුවට ඉදිරිපත් වී තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ පෙත්සම් විභාග කර අවසන් කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි රහසිගත තීන්දුව කථානායකවරයා වෙත යොමු කරන බව ඊයේ (24) සඳහන් කළේය.
ඒ අනුව, රජය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පතට එරෙහිව ගොනුකර තිබූ මෙම පෙත්සම් විභාගය දෙවැනි දිනටත් සිදුකෙරිණ.
අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, මෙම පනත් කෙටුම්පත තුළින් ශ්‍රී ලංකා මහ බැංකුවට සිය මූල්‍ය ප්‍රතිපත්ති වඩාත් ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට ඉඩ සැලසෙන බවය.
මහ බැංකුවේ වගවීම ද මෙමගින් වැඩිදියුණු කර ඇතැයි පැවසු ඔහු, මහ බැංකු අධිපතිවරයාට බලපෑම්වලින් තොරව ක්‍රියා කිරීමට ඉඩ සැලසී ඇති බවත් ප්‍රකාශ කළේය.
යෝජිත පනත් කෙටුම්පත හරහා ශ්‍රී ලංකා මහ බැංකුව විධායකයේ පාලනයෙන් බැහැර වන බවට පෙත්සම්කරුවන් චෝදනා එල්ලකර තිබිණ.