බටහිර චීනයේ පළමු Hualong අංක 1 න්‍යෂ්ටික බල ඒකකය විදුලිබල ජනනය ඇර‍ඹේ
2023-03-25 16:19:56
Share with:

බටහිර චීනයේ පළමු Hualong අංක 1 න්‍යෂ්ටික විදුලි බලාගාරය ලෙස Guangxi Zhuang ස්වායත්තයේ Fangchenggang න්‍යෂ්ටික බලාගාරයේ අංක 3 ජනක යන්ත්‍රය, අද(25) විදුලිබල උත්පාදනය සඳහා නිල වශයෙන් එක්කෙරේ. මෙය චීනයේ ක්‍රියාත්මක කළ තුන්වන Hualong අංක 1 ඒකකයයි.

Hualong අංක 1 ලොව ඉහළම ආරක්ෂක අවශ්‍යතා සහ නවතම තාක්ෂණික ප්‍රමිතීන් අනුගමනය කරන න්‍යෂ්ටික විදුලි උත්පාදන ප්‍රතික්‍රියාකරකයකි. චීනයේ Hualong අංක 1 ඒකකයේ මහා පරිමාණ ගොඩනැංවීම් ක්‍රමානුකූලව ඉදිරියට යමින් පවතී. දැනට Guangdong, Zhejiang, Fujian, Hainan යන පළාත්වල ඉදිවෙමින් පවතින Hualong අංක 1 වර්ගයේ ඒකක 10ක් තිබේ. මෙයට චීනයේ න්‍යෂ්ටික බල කර්මාන්ත දාමයේ ඉහළ සහ පහළ ව්‍යවසායන් 5,400කට වඩා වැඩි ප්‍රමාණයක් සම්බන්ධවන අතර, චීනයේ න්‍යෂ්ටික බලශක්ති තාක්ෂණ මට්ටම සහ උපකරණ නිෂ්පාදන ධාරිතාව වැඩිදියුණු කිරීම මෙමගින් ඵලදායී ලෙස ප්‍රවර්ධනය කර තිබේ.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම