මැතිවරණ කොමිෂන් සභාව කැඳවන බවට අගමැතිවරයා ගෙන් ප්‍රකාශයක්
2023-03-25 17:41:02
Share with:

මැතිවරණ කොමිෂන් සභාව පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් අවිනිශ්චිත ආකාරයෙන් කටයුතු කිරීම ගැන එම කොමිසමේ සභාපති ඇතුළු සාමාජිකයන් ළඟදීම කැඳවා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

මැතිවරණ කොමිසම අවසානයක් නැති  ප්‍රකාශ දිගින් දිගටම නිකුත් කරමින් සිටින බවද ඔහු සඳහන් කළේ ඊයේ (24) පාර්ලිමේන්තු රැස්වීම අමතමිනි.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා  පළාත් පාලන මැතිවරණය සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා‍ එම ප්‍රකාශය සිදු කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම