සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා චීන සිංගප්පූරු සබඳතා අගය කරයි
2023-03-25 18:36:33
Share with:

                 

           පසුගිය දා සිංගප්පූරු අග්‍රාමාත්‍ය Lee Hsien Loong  මහතා චීන මාධ්‍ය සමූහයේ මාධ්‍යවේදිනියක සමග සම්මුඛ සාකච්ඡාවකට එක්විය. සිංගප්පූරු- චීන සම්බන්ධතා අගය කරමින් විවිධ ක්ෂේත්‍රවල චීනය සමග වඩාත් පුළුල් අන්දමින් සහයෝගිතාව පවත්වාගෙන යාමට හෙතෙම එහිදී කැමැත්ත පළ කර ඇත.

                 චීනය හා සිංගප්පූරුව රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතා ස්ථාපිත කළේ 1990 වසරේ එනම් මීට වසර 33කට පෙර ය. ගෙවුණු වසර 33 තුළ දෙරට යහපත් අන්‍යේන්‍ය අවබෝධයකින් යුතුව බොහෝ ක්ෂේත්‍රවල සහයෝගිතා පවත්වා තිබේ. චීනය ඉදිරිපත් කළ එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ යටතේ චීනය හා සිංගප්පූරුව සු චෞ කාර්මික කලාපය ඇතුළු සහයෝගිතා ව්‍යාපෘති රැසක් සාර්ථක ව ක්‍රියාත්මක කර ඇත. ආසියාන් රටවල් අතරින් එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළට ප්‍රථමයෙන් සහාය දුන් රට  සිංගප්පූරුව බව සිහිපත් කරමින් , Lee Hsien Loong  මහතා කියා සිටියේ එම වැඩපිළිවෙළ චීනය කලාපීය සංවර්ධනය වෙනුවෙන් දායක වන සුවිශේෂී ක්‍රමයක් බවයි. කලාපීය සංවර්ධනය සඳහා යටිතල පහසුකම් හා මූල්‍ය පහසුකම් තිබිය යුතු ය. එම පහසුකම් දෙකම සතුව ඇති චීනය, එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙළ හරහා සෙසු රටවල් සමග වඩාත් සමීප වී එම රටවලට ආර්ථික වශයෙන් රුකුලක් වී තිබේ. එබැවින් පොදු ජයග්‍රහණය ගෙන දෙන එම වැඩපිළිවෙළට සිංගප්පූරුව සහාය දෙන බව Lee Hsien Loong  මහතා පවසයි.

                සිංගප්පූරුව ආසියන් සංවිධානයේ වැදගත් සාමාජිකයෙකි. මේ වන විට චීනය හා ආසියන් සංවිධානය අතර පවතින සම්බන්ධතා තව තවත් සීග්‍රයෙන් වර්ධනය වෙමින් පවතී.එම යහපත් සම්බන්ධතා තුළින් සිංගප්පූරුවට ද යහපතක් වී ඇති බවත්, චීනය සමග විවිධාකාරයෙන් සම්බන්ධතා ශක්තිමත් කිරීමේ ක්‍රමවේද  සොයා ගැනීමට සිංගප්පූරුව කටයුතු කරන බවත්, සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා කියා සිටී. චීනයේ සංවර්ධනය තුළින් සිංගප්පූරුව ඇතුළු අග්නිදිග ආසියා රටවලට විශාල වශයෙන් සෙත සැලසී ඇත. විශේෂයෙන් වෙළඳ ක්ෂේත්‍රයේ චීනය සමග පවතින සබඳතා සිංගප්පූරුව ඉතා වැදගත් කොට සලකන බව Lee Hsien Loong  මහතා පවසයි. සිංගප්පූරුව චීනය සමග යහපත් සම්බන්ධතා පවත්වාගෙන යාම, කලාපීය හා ජාත්‍යන්තර සාමය, ස්ථාවරත්වය හා සමෘද්ධිය රැකගැනීම සඳහා ඉතා වැදගත් බව ද සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම