එයාර්බස් සමාගම චීනයේ එකලස් කරන ලද ගුවන්යානා ඇණවුම් ගැණුම්කරුවන් වෙත භාරදීම ආරම්භ කරයි
2023-03-25 17:39:58
Share with:

එයාර්බස් සමාගම චීනයේ එකලස් කරන ලද A321neo වර්ගයේ ගුවන්යානා ඇණවුම් ගැණුම්කරුවන් වෙත භාරදීම ආරම්භ කරයි.එම එයාර්බස් එකලස් දාමය චීනයේ ටියැන්ජිං නගරයේ පිහිටා තිබේ.එහිදී එකලස් කරන ලද ප්‍රථම A321neo ගුවන්යානය ෂැංහයි සිට ක්‍රියාත්මක ජුනියාඕ ගුවන් සේවය වෙත භාර දී තිබේ.මෙම නව ගුවන් යානය  එම ගුවන් සේවයේ 88වන සාමාජිකයාය. තවත් යානා රැසක් ඉදිරියේදී ලැබීමට නියමිත බව එම ගුවන් සේවයේ ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය. A321neo යානා වර්ගය A320neo ගුවන්යානා පවුලේ විශාලාතම සාමාජිකයාය.එම යානයේ මගී ධාරිතාව 244කි.එයාර් බස් සමාගම ටියැන්ජිං හි පිහිටි සිය ආසියානු එකලස් දාමයේ A321වර්ගයේ ගුවන්යානා නිශ්පාදනය පසුගිය වසරේ නොවැම්බර් මාසයේ දී ආරම්භ කළේය. එම එකලස් දාමයේ කාර්යයන් වඩාත් සුමටව ක්‍රියාත්මක බව එයාර්බස් සමාමේ චීනයේ ප්‍රධාන විධායක නිලධාරියා පැවසීය.චීනයේ ශක්තිමත් ගුවන්සේවා කර්මාන්තය පිළිබදව එයාර්බස් සමාගම ඉහළ විශ්වාසයක් තබා සිටී.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම