චීන ජනතාවට තම රටේ දේශපාලන ක්‍රමය පිළිබඳව ප්‍රකාශ අයිතිය හිමි බව පකිස්ථාන පාර්ලිමේන්තු සාමාජිකයෙක් පවසයි
2023-03-24 10:54:56
Share with:

චීන ජනතාවට තම රටේ දේශපාලන ක්‍රමය පිළිබඳව ප්‍රකාශ අයිතිය හිමි බව පකිස්ථාන පාර්ලිමේන්තුවේ ජාතික ආරක්ෂක කමිටු සභාපති  Mushahid Hussain Syed මහතා පවසයි.

ඔහු එසේ පැවසුවේ පසුගිය 22 හා 23 යන දෙදින බෙයිජිංහි පැවති "ප්‍රජාතන්ත්‍රවාදය: සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා පොදු වටිනාකමක්" පිළිබඳ ජාත්‍යන්තර සංසදය අමතමිනි. 

චීන ප්‍රජාතන්ත්‍රවාදයෙන් දස කෝටි සංඛ්‍යාත ජනතාවකට ප්‍රීතිමත් ජීවිතයක් හඳුන්වා දී තිබෙන බවත්, ‍මිලියන 800ක ජනතාව දිළිඳු බවෙන් මුදවා ඇති බවත් ඔහු පැවසීය. චීන ජනතාවගෙන් සියයට 98ක් රටේ දේශපාලන ක්‍රමය, රජය සහ සිය ජීවන රටාව කෙරෙහි වඩාත් තෘප්තිමත් බව Harvard විශ්වවිද්‍යාලය සිදු කළ සමීක්ෂණයකින් ද පිළිබිඹු වී ඇති බව ඔහු ප්‍රකාශ කළේය.  

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම