විවෘත ලෝක ආර්ථිකය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බව චීනය යළි අවධාරණය කරයි
2023-03-24 18:28:19
Share with:

විවෘත ලෝක ආර්ථිකය චීනය අඛණ්ඩව ප්‍රවර්ධනය කරන බව චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන වර්ධනය මගින් කාම්බෝජය ඇතුළු සමස්ත ආසියාන් සංගමය ප්‍රතිලාභ ලබා ගන්නා බව එරට අග්‍රාමාත්‍ය Samdech Hun Sen මහතා මෑතකදී පැවසීය. සහයෝගිතා ශක්තිමත් කිරීමෙන් අන්‍යෝන්‍ය වාසි හා පොදු ජයග්‍රහණය ලබා ගත හැකි ය. කිසිදු රටක් සමග එක්වී තවත් රටක් මර්දනය කිරීම කාම්බෝජය සිදු නොකරන බව Samdech Hun Sen මහතා කීය.

ඒ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශිකා Mao Ning මහත්මිය ප්‍රකාශ කළේ සන්ධාන ගොඩනැගීම හා ආර්ථික සම්බන්ධතා ඉවත් කිරීමේ ප්‍රතිපත්ති බලහත්කාරයෙන් පැතිරීම පොදු පිළිගැනීමට පත් විය නොහැකි බව අග්‍රාමාත්‍ය Samdech Hun Sen මහතාගේ ප්‍රකාශයෙන් පිළිබිඹු වන බවයි.

පසුගිය වසරේ RCEP ගිවිසුම ක්‍රියාත්මක කිරීමෙන් පසු චීනය හා ආසියාන් සංගමය අතර ‍වෙළඳ  පරිමාව සියයට 15කින් වර්ධනය වී තිබේ. චීනය උසස් මට්ටමේ විවෘත භාවය කඩිනම් කරමින් අසල්වැසි රටවල් ඇතුළු ලෝක ආර්ථික පුනරුත්ථාපනය හා වර්ධනය වෙනුවෙන් අඛණ්ඩ ගාමක බලවේගයක් වන බව Mao Ning මහත්මිය අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම