සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට වෙනත් රටවල් දරන උත්සාහයට බාධා කිරීමේ ඇමරිකාවේ අරමුණ කුමක් දැයි චීන විදේශ අමාත්‍යංශය ප්‍රශ්න කරයි
2023-03-24 20:19:58
Share with:

චීන-රුසියානු සබඳතා තෙවන පාර්ශවයන් ඉලක්ක කර නොගන්නා බවත්, දෙපාර්ශ්වය අතර අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාවය දෙරටට ප්‍රතිලාභ මෙන්ම ලෝකයටද ප්‍රයෝජනවත් වනු ඇති බවත්, චීන විදේශ අමාත්‍යංශය පවසයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශිකා Mao Ning මහත්මිය මේ බව සඳහන් කළේ, ඇමරිකානු ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක කවුන්සිලයේ උපාය මාර්ගික සන්නිවේදන සම්බන්ධීකාරකවරයා ගේ චීන-රුසියානු ආර්ථික සහයෝගීතාව පිළිබඳ අදහසට ‍ප්‍රතිචාර දක්වමිනි.

යුක්රේන අර්බුදයේ ගැටලු පිළිබඳ, චීනය සෑම විටම සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට සක්‍රීය ව ක්‍රියාකරන අතර, සැමවිටම සාම සහ සංවාද පැත්තේ ස්ථිරව සිටී. යුක්රේන අර්බුදය දේශපාලනිකව සමථයකට පත්කිරීමට ගන්නා උත්සාහයන් හිදී චීනය සාධනීය කාර්යභාරයක් ඉටුකර ඇත.

එහෙත් ඇමරිකාව සිදුකරමින් ඇත්තේ එය තවදුරටත් අවුළුවාලීම පමණි. ඔවුන්, සාම සාකච්ඡා ප්‍රවර්ධනය කිරීමට අනෙකුත් රටවල් දරන උත්සාහයට ද බාධා කරයි. ඇමරිකාවට මෙසේ කිරීමට ඇත්තේ කවර අරමුණක් යැයිද ඇය ප්‍රශ්ණ කළාය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම