චීනය සහ ඉන්දියාව ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීමට වැදගත් දායකත්වයක් සපයනු ඇතැයි නවදිල්ලියේ BRICS ආයතනයේ අධ්‍යක්ෂවරයා පවසයි
2023-03-24 10:43:26
Share with:

“ප්‍රජාතන්ත්‍රවාදය: සියලු මනුෂ්‍යත්වයේ පොදු වටිනාකම” පිළිබඳ දෙවන ජාත්‍යන්තර සංසදය පසුගිය 22 සහ 23 බෙයිජිංහි දී පැවැත්විණි. රටවල් හා කලාප 100කට වැඩි ගණනකින් අමුත්තන් 300කට අධික සංඛ්‍යාවක් මාර්ගගතව හා මාර්ගගත නොවන ආකාරයෙන් එම සංසදයට එක් වූහ.

ඉන්දියාවේ නවදිල්ලියේ BRICS ආයතනයේ අධ්‍යක්ෂ BinodSingh Ajatshatru මහතා එහි දී චීන මාධ්‍ය සමූහය සමඟ සම්මුඛ සාකච්ඡාවක‍ට එක්විය. ලෝක පාලන පද්ධතියේ ප්‍රතිසංස්කරණයට චීනය ක්‍රියාකාරීව සහභාගී වන අතර, ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීකරණය සහ සාධාරණ ගෝලීය පාලනය ප්‍රවර්ධනය කිරීමට චීනය දායක වෙමින් සිටින බව ද හෙතෙම පැවසීය. වර්තමාන සංකීර්ණ හා නිරන්තරයෙන් වෙනස් වන ජාත්‍යන්තර තත්ත්වය මධ්‍යයේ, නව චීන රජය නවමු ආකාරයේ ජාත්‍යන්තර සබඳතා හා මානව වර්ගයාට වඩාත් සුන්දර අනාගතයක් ගොඩනැගීමට සක්‍රීය දායකත්වයක් ලබා දෙනු ඇතැයි හෙතෙම විශ්වාසය පළ කළේය. ගෝලීය පාලනය තුළ බලපෑම් වැඩි වීමත් සමඟ, පුරාණ ශිෂ්ටාචාර සහිත ඉන්දියාව සහ චීනය යන දෙරට ජාත්‍යන්තර සබඳතා ප්‍රජාතන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කිරීමට වැදගත් දායකත්වයක් සපයනු ඇතැයි බලාපොරොත්තු වන බව BinodSingh Ajatshatru මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම