චීන මාධ්‍ය සමූහය සහ අප්‍රිකානු රටවල් 5ක මාධ්‍ය ආයතන සහයෝගීත්වයෙන් ඒකාබද්ධ රූපවාහිනි වැඩසටහනක්
2023-03-24 19:34:33
Share with:

චීන මාධ්‍ය සමූහය අප්‍රිකානු රටවල් 5ක මාධ්‍ය ආයතන සමග ඒකාබද්ධ ව රූපවාහිනි වැඩසටහනක් ආරම්භ කරයි.

චීන මාධ්‍ය සමූහයට අයත් CGTN නාලිකාව, මොරිෂස් ජාතික රූපවාහිනිය, රුවන්ඩා ජාතික රූපවාහිනිය, ගැබොන් ජාතික රූපවාහිනිය, මැඩගස්කරයේ MATV සහ බෙනින් ගල්ෆ් රූපවාහිනිය යන අප්‍රිකානු මාධ්‍ය ආයතන සමග එම රූපවාහිනි වැඩසටහන සම-නිෂ්පාදනය ඊයේ (23) නිල වශයෙන් ආරම්භ කළේ ය. ඒ වෙනුවෙන් පැවති මාර්ගගත උත්සවයකට බෙනින් රාජ්‍යයේ චීන තානාපතිවරයා , අයිවරි කෝස්ට් රාජ්‍ය අමාත්‍යවරයා, කෘෂිකර්ම අමාත්‍යවරයා ,ගැබොන් වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරයා, බෙනින් රාජ්‍යයේ හිටපු විදේශ අමාත්‍යවරයා සහ අප්‍රිකානු රටවල මාධ්‍යවේදීහු රැසක් එක් වූහ.

“බෙදා ගත් සමෘද්ධිය ”නම් එම රූපවාහිනි වැඩසටහන විද්‍යා තාක්ෂණික නවෝත්පාදනය, හරිත සංවර්ධනය , ග්‍රාමීය පුනරුදය හා චීන-අප්‍රිකානු සහයෝගිතාව ඇතුළු තේමා ඔස්සේ චීන ලක්ෂණවලින් යුත් නවීකරණය සහ පොදු ඉරණමක් සහිත චීන-අප්‍රිකානු හවුල පිළිබඳව අප්‍රිකානු ප්‍රේක්ෂකයන් වෙත හඳුන්වා දෙයි. චීනයේ සංවර්ධන අත්දැකීම් එම වැඩසටහන මගින් ද බෙදා ගැනේ. මොරිෂස්, රුවන්ඩා, ගැබොන්, මැඩගස්කරය සහ බෙනින් යන අප්‍රිකානු රටවල් 5හේ ප්‍රධාන මාධ්‍ය ආයතන හරහා විකාශය වන “බෙදා ගත් සමෘද්ධිය ”රූපවාහිනි වැඩසටහන , අප්‍රිකාවේ ප්‍රංශ භාෂාව කතා කරන කලාපයේ කෝටි 10කට වැඩි ප්‍රේක්ෂක පිරිසක් ආවරණය කෙරේ.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම