පැවැත්වීමට නියමිත "අනාගත සමුළුව" පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට වඩා හොඳ ප්‍රවේශයක්
2023-03-24 10:31:57
Share with:

දශකයක් තිස්සේ, පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාව යන සංකල්පය ලොව පුරා පුළුල් කතිකාවතක් ඇති කළේය. මෙම සංකල්පය ක්‍රමයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානය, ෂැංහයි සහයෝගිතා සංවිධානය සහ අනෙකුත් බහුපාර්ශ්වික යාන්ත්‍රණවල වැදගත් ලේඛනවලට ද ඇතුළත් කර ඇත. එහෙයින් මෙහි බලපෑම සහ වැදගත්කම වඩාත් හොඳින් කැපී පෙනේ.

මෑත වසරවල දී, ජනාධිපති ෂී ජින් පිං මහතා පොදු  ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කිරීම සඳහා ගෝලීය සංවර්ධන මුලපිරුම, ගෝලීය ආරක්ෂක මුලපිරුම සහ ගෝලීය ශිෂ්ටාචාර මුලපිරුම අනුපිළිවෙලින් යෝජනා කර තිබේ. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ චීනයේ නිත්‍ය නියෝජිත Zhang Jun මහතා,චීන මාධ්‍ය සමූහය සමඟ විශේෂ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ මෙම සැලැස්මේ ආරම්භකයා සහ එය සක්‍රීයව ක්‍රියාත්මක කරන්නා චීනය බවයි.

එක්සත් ජාතීන්ගේ 2030 සංවර්ධන න්‍යාය පත්‍රය සහ තිරසාර සංවර්ධන ඉලක්ක ක්‍රියාත්මක කිරීම ප්‍රවර්ධනය කිරීම ගෝලීය සංවර්ධන මුලපිරුමේ ප්‍රධාන අරමුණ බව තානාපති Zhang Jun මහතා  පැවසීය. ගෝලීය සංවර්ධන මුලපිරුම ක්‍රියාත්මක කිරීම ඵලදායී ලෙස ප්‍රවර්ධනය කිරීම සඳහා චීනය කඩිනමින් පසු විපරම් ක්‍රියාමාර්ග මාලාවක් ආරම්භ කළේය.

සහයෝගීතාවය සහ සමගිය ශක්තිමත් කර ගෝලීය පාලනය වැඩිදියුණු කිරීමේ අරමුණින් ලබන වසරේ දී  "අනාගත සමුළුවක්" පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සැලසුම් කරයි.

"අනාගත සමුළුව" පැවැත්වීම පොදු  ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම තවදුරටත් ප්‍රවර්ධනය කිරීමට වඩා හොඳ ප්‍රවේශයක් ලබා දී  වඩාත් ගැඹුරින් ජනතාවගේ හදවත් තුළ එය මුල් බැස ගනු ඇතැයි තමා විශ්වාස කරන බව ද  Zhang Jun මහතා පැවසීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම