චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වයාත්තයේ හිටපු සිරකරුවෙක් සිය සිරගත අත්දැකීම් එක්සත් ජාතීන් හමුවේ විස්තර කරයි
2023-03-24 18:44:29
Share with:

චීන ෂින්ජ්‍යං උයිගුර් ස්වයාත්තයේ හිටපු සිරකරුවෙක් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 52 වන සැසිවාරය වෙත සිය සිරගත ජීවිතය පිළිබඳ තොරතුරු විස්තර කරයි.එහිදී සිරකරුවන්ට කිසිදු ආකාරයේ පහර දීමක් , වෙනස්කොට සැලකීමක් හෝ අඩන්තේට්ටම් සිදු කිරීමක් නොවුනු බව ඔහු පැවසීය.චීන ෂින්ජ්‍යං බාබිලු වෙළඳ සමාගමේ  ප්‍රධානී Naibijiang Turupu මහතා පැවසුවේ බන්ධනාගාර නිලධාරීන් තමාට වඩාත් හෘදයාංගම වූ බවත් මානසික උපදේශන පවා ලබා දුන් බවත්ය.ඔහුගේ අධ්‍යාපන හා විභාග වෙනුවෙන් පෙලපොත් සපායා දී ඇත්තේ ද එම නිලධාරීන් විසිනි.ස්වයං අධ්‍යයනයන් සිදු කරමින් තමන් විභාගවලින් සමත් වූ බව ද Naibijiang Turupu මහතා ප්‍රකාශ කළේය.එම අධ්‍යයන මගින් ෂින්ජ්‍යං විශ්ව විද්‍යාලයෙන් තමාට නීතිය හා පරිවර්තන පිළිබඳ ඩිප්ලෝමා සහතික හිමි කර ගැනීමට හැකිවූ බව ද Naibijiang Turupu මහතා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලය හමුවේ ප්‍රකාශ ක‍ළේය.ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ තමාගේ යහපත් කල් ක්‍රියාව හේතුවෙන් දඩුවම් ලිහිල් වී නියමිත සිර දඩුවම් කාලයට වසර තුනක‍ට පෙර යළි උපන් ගමට පැමිණීමට හැකිවූ බව යි.තමාගේම සමාගමක් ආරම්භ කිරීමට පෙර ර‍ජයේ සහායෙන් තමාට කුළී රථ සමාගමක රැකියාවක් හිමිවූ බව ද හෙතෙම සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240508බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම