‘නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’ සිද්ධිය සම්බන්ධයෙන් ඇමරිකානු බුද්ධි තොරතුරු ඒජන්සියෙන් තවත් ව්‍යාජ තොරතුරක් ද?
2023-03-24 10:29:37
Share with:

ජ්‍යෙෂ්ඨ ඇමරිකානු ගවේෂණාත්මක වාර්තාකරුවෙකු වන Seymour Hersh පසුගිය 22වැනි දා සමාජ මාධ්‍ය ඔස්සේ යළි ලිපියක් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කළේ ‘ යුක්රේන රජයට පක්ෂපාතී ’ ඊනියා කණ්ඩායම විසින්

‘නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’ විනාශ කිරීම පිළිබඳ පුවත ව්‍යාජ එකක් බවයි. මෙම ව්‍යාජ පුවත, ඇමරිකානු බුද්ධි තොරතුරු ඒජන්සිය විසින් ප්‍රචාරය කරන ලද්දකි. සත්‍ය සැඟවීම එහි අරමුණයි.

රුසියාවේ සිට යුරෝපයට ස්වාභාවික ගෑස් ප්‍රවාහනය කරන‘නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’ විනාශ කිරීමට බයිඩන් රජය සැළසුම් කළ බව සඳහන්  කරමින් Hersh මාස එකහමාරකට පමණ පෙර ලිපියක් පළ කළේ ය. මෙවර ද ඔහු සවිස්තරාත්මකව එහි තොරතුරු අනාවරණය කළේ ය. එමෙන්ම මෙම මස මුල ජර්මන් චාන්සලර් Olaf Scholz මහතා ඇමරිකාවේ නිල සංචාරයක නිරත වන අතරතුර දී, ජෝ බයිඩන් මහතා සමග ‘නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’ විනාශ කිරීමේ සිද්ධිය පිළිබඳව සාකච්ඡා කළ බව රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග පවසයි. එම සාකච්ඡාවට පසු, ඇමරිකානු මධ්‍යම බුද්ධි තොරතුරු ඒජන්සිය විශේෂ කාර්යභාරයක් භාර ගත්තේ ය. ඒ ජර්මානු ෆෙඩරල් ‍බුද්ධි තොරතුරු ඒජන්සිය සමඟ සහයෝගීතා පවත්වා ‘නෝර්ඩ් ස්ට්‍රීම් ගෑස් නල’ විනාශ කිරීමේ සිද්ධිය පිළිබඳ සත්‍ය සැඟවීමේ ‘ ආවරණ කතාවක් ’ රචනා කිරීමයි.

ඇමරිකානු බුද්ධි තොරතුරු ඒජන්සිය හා මාධ්‍යය සෑම විටකම රජයගේ උපදෙස් පරිදි ව්‍යාජ තොරතුරු පළ කිරීම පිළිබඳ සලකා බැලීමේ දී Hersh ගේ තොරතුරු වල ඉහළ විශ්වසනීයත්වයක් පවතින බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

මේ පිළිබඳ ජගත් ප්‍රජාවගේ ප්‍රශ්න හා සැකයන්ට ඇමරිකානු රජය නිසි ලෙස ප්‍රතිචාර දැක්විය යුතු අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ප්‍රධානත්වයෙන් යුතු ජාත්‍යන්තර විමර්ෂණයකට ද ඇමරිකාව සිය සහය දැක්විය යුතු ය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම