චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියේ ජයග්‍රහණ පිළිබඳව පකිස්ථාන අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රසාදය
2023-03-24 09:38:32
Share with:

චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියේ ප්‍රතිඵල පාකිස්ථානයේ දීප්තියෙන් බැබළෙන බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shehbaz Sharif මහතා ප්‍රකාශ කරයි. හෙතෙම මේ බව පැවසුවේ පෙරේදා (22) දකුණු පාකිස්ථානයේ Sindh පළාතේ Thar ප්‍රදේශයේ පැවති Thar ගල් අඟුරු ක්ෂේත්‍රයේ පළමු කොටසේ විදුලිය ජනනය කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයේදී ය. එමෙන්ම, චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා චීනය දක්වන ප්‍රබල දායකත්වය වෙනුවෙන් Shehbaz Sharif මහතා සිය හෘදයාංගම ස්තුතිය ප්‍රකාශ කළේය.

මෙම වසර එක් තීරයක් එක් මාවතක් වැඩපිළිවෙල ඉදිරිපත් කිරීමේ 10 වන සංවත්සරය පමණක් නොව, චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ 10 වැනි සංවත්සරය ද සමරන බව පාකිස්ථානයේ චීන තානාපති කාර්යාලයේ වැඩබලන තානාපතිනි Pang Chunxue මහත්මිය ප්‍රකාශ කළාය. චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝව පාකිස්ථානයේ කාර්මිකකරණය, නවීකරණය සහ අන්තර් සම්බන්ධතාවය සඳහා හොඳ පදනමක් සපයනු ඇති බව ද ඇය පැවසුවාය.

Thar ගල් අඟුරු ක්ෂේත්‍රයේ පළමු කොටසේ විදුලිය ජනනය කිරීමේ ඒකාබද්ධ ව්‍යාපෘතිය චීන-පාකිස්ථාන ආර්ථික කොරිඩෝවේ රාමුව යටතේ ඇති ප්‍රධාන බලශක්ති සහයෝගීතා ව්‍යාපෘතියකි. එය ස්වාධීනව සංවර්ධනය කර, ඉදිකර ක්‍රියාත්මක කරනු ලබන්නේ චීනයේ ෂැංහයි විදුලි සමූහයයි.

ගුවන් විදුලිය
20240426සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම