2වැනි "ප්‍රජාතන්ත්රවාදය: සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා පොදු වටිනාකමක්" පිළිබඳ ජාත්‍යන්තර සංසදය බෙයිජිං හිදී ඇරඹේ
2023-03-24 16:52:21
Share with:

2වැනි "ප්‍රජාතන්ත්රවාදය: සියලු මනුෂ්‍ය වර්ගයා සඳහා පොදු වටිනාකමක්" පිළිබඳ ජාත්‍යන්තර සංසදය ඊයේ(23) චීනයේ බෙයිජිං නුවර දී ආරම්භ විය. රටවල් සහ කලාප 100කට වැඩි ගණනකින් පැමිණි බොහෝ රටවල හිටපු දේශපාලනඥයෝ, ජාත්‍යන්තර සංවිධාන නියෝජිතයෝ, විශේෂඥයෝ සහ විද්වත්හූ, මාර්ගගත හා මාර්ගගත නොවන ආකාරවලින් ඊට එක් වූහ.

සහභාගී වූවන් පැවසුවේ, චීන ප්‍රජාතන්ත්‍රවාදයේ ස්වරූපය ලෝකයට නව ආදර්ශයක් සපයා ඇති බවයි. චීන ලක්ෂණ සහිත සමස්ත ක්‍රියාවලියේම ජනතා ප්‍රජාතන්ත්‍රවාදය යනු මානව දේශපාලන ශිෂ්ටාචාරය සඳහා චීනයේ දායකත්වයයි. ලෝක ශිෂ්ටාචාරවල විවිධත්වයට රටවල් ගරු කළ යුතු ය. ගෝලීය අභියෝගවලට එක්ව මුහුණදීම සඳහා, පොදු මානව ඉරණමක් සහිත ප්‍රජාව පිළිබඳ හැඟීමක් ඇති කරමින්, සියලු රටවල් ඉවසිලිවන්තව හා සහයෝගයෙන් කටයුතු කළ යුතු බව, සහභාගී වූවෝ  සඳහන් කළහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම