රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට පියවර
2023-03-24 16:30:41
Share with:

රාජ්‍ය ව්‍යවසායන් 07ක රජය සතු කොටස් අයිතිය පැවරීමට අනුමැතිය හිමිවූ බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ශ්‍රී ලන්කන් ගුවන් සමාගම ඇතුළු ශ්‍රී ලන්කන් කේටරින් සමාගම,ශ්‍රී ලංකා ටෙලිකොම් සී/ස ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව, කැන්විල් හෝල්ඩින්ග්ස් (පුද්) සමාගම,හොටෙල් සංවර්ධන ලංකා සමාගම, ලිට්‍රෝ ගෑස් පර්යන්ත සමාගම ඇතුලු ලිට්‍රෝ ගෑස් ලංකා සමාගම ලංකා හොස්පිටල් එම ව්‍යවසාය 7යි.

රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිව්‍යුහකරණ ඒකකය විසින් එම සමාගම්වලට ගනුදෙනුකාර උපදේශන සේවාවන් සැපයීම හා කොටස් අයිතිය පැවරීමේ කටයුතු සඳහා සහායවීම වෙනුවෙන් පිළිගත් සහ පළපුරුදු සුදුසුකම් ඇති උපදේශන සමාගම් හෝ සංවර්ධන මූල්‍ය ආයතනයන් පත් කිරීම සිදු කෙරෙනු ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම