චීන ජනාධිපතිවරයාගේ රුසියාවේ සංචාරය ලෝකයේම අවධානය දිනා ගත් මිත්‍රත්වය, සහයෝගීතාවය හා සාමය සඳහා වන ගමනක් බව චීන විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කරයි
2023-03-23 10:58:44
Share with:

චීන ජනාධිපතිවරයාගේ රුසියාවේ සංචාරය, මිත්‍රත්වය, සහයෝගීතාවය හා සාමය සඳහා වන ගමනක් බවත් එය ලෝකයේම අවධානයට ලක්ව ඇති බවත් චීන රාජ්‍ය මණ්ඩලයේ සාමාජික සහ විදේශ අමාත්‍ය ඡින් ගන්ග් මහතා ප්‍රකාශ කළේය.

රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් මහතාගේ ආරාධනාවකට අනුව, පසුගිය 20වැනිදා සිට දින තුනක් චීන ජනාධිපති ෂී ජින් පිං මහතා රුසියාවේ නිල සංචාරයක නිරත විය. මෙම සංචාරය, මේ වසරේ චීන රාජ්‍ය නායකයාගේ රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා නව ආරම්භයක් වන බව ඡින් ගන්ග් මහතා පැවසීය.

විශේෂ අවස්ථාවක දී සිදු කෙරුණු සංකීර්ණ පසුබිමක් සහිත මෙම සංචාරයෙන් ඵලදායී ප්‍රතිඵල ලැබී ඇත. මෙමගින් සාමකාමී ස්වාධීන විදේශ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමට සහ ලෝක සාමය ප්‍රවර්ධනය කිරීමට චීනය සතු අධිෂ්ඨානය පිළිබිඹු වන බව හෙතෙම සඳහන් කළේය.

ජගත් ප්‍රජාව විශ්වාස කරන්නේ චීන ජනාධිපති ෂී ජින් පිං මහතාගේ මෙම රුසියාවේ සංචාරය ගෝලීය භූ දේශපාලනයේ දැවැන්ත බලපෑමක් සහිත සිදුවීමක් බවයි. එය "සාමය ගොඩනගන්නෙකු" ලෙස චීනයේ ජාත්‍යන්තර ප්‍රතිරූපය මනාව නිරූපනය කර ඇති අතර සංකීර්ණ ජාත්‍යන්තර තත්ත්වයට වඩාත් ස්ථාවරත්වයක් එක් කර ඇති බව ද අවධාරණය කෙරේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම