ඇමරිකානු පොලී අනුපාත 0.25%කින් ඉහළට
2023-03-23 10:07:59
Share with:

පොලී අනුපාතය සියයට 0.25කින් ඉහළ නැංවූ බව ඇමරිකානු ෆෙඩරල් සංචිතය  ප්‍රකාශ කරයි.

ඊයේ (22) ඇමරිකානු ෆෙඩරල් සංචිතයේ විවෘත වෙළඳපොලේ කමිටුව මේ බව ප්‍රකාශ කළේය. ඒ අනුව ෆෙඩරල් අරමුදල් අනුපාතය 4.75% සිට 5% දක්වා ඉලක්කගත පරාසය පදනම් අංක 25 කින් ඉහළ නංවා ඇත. පසුගිය 2007 වසරේ ඔක්තෝබර් මස සිට මේ දක්වා පොලී අනුපාත වැඩි කළ ඉහළම මට්ටම ලෙස මෙය වාර්තා වේ.

2022 මාර්තු මාසයේ සිට අනුපාත ඉහල දැමීමේ 9වැනි අවස්ථාව මෙයයි. අනාගත පොලී අනුපාත ඉහල නැංවීම අවිනිශ්චිත වන අතර එය බොහෝ දුරට අනාගත අදාළ දත්ත මත රඳා පවතින බව ඇමරිකානු ෆෙඩරල් විවෘත වෙළඳපොල කමිටුව සඳහන් කළේය.

ඇමරිකානු මාධ්‍ය වාර්තාවලට අනුව, පසුගිය සති කිහිපය තුළ ඇමරිකාවේ බැංකු කර්මාන්තයේ අවුල් සහගත තත්ත්වය හේතුවෙන් ෆෙඩරල් සංචිතය පොලී අනුපාත ඉහළ නැංවීම කෙරෙහි කනස්සල්ලෙන් පසුවිය.එමෙන්ම එමඟින් ඇමරිකානු ෆෙඩරල් සංචිතය උද්ධමනයට මුහුණ දීම පෙරට වඩා අසීරු වනු ඇති අතර ඇතැම් ඇමරිකානු ප්‍රසිද්ධ ආර්ථීක විශේෂඥයන් පොලී ඉහළ දැමීම තවකාලීනව නතර කරන ලෙස ෆෙඩරල් සංචිතයෙන් ඉල්ලා සිටී.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම