සුපිරි මට්ටමේ ප්‍රජාතන්ත්‍රවදයක් නොමැති බව මත විමසුමකට එක්වූ බහුතරයක් පවසති
2023-03-23 16:26:37
Share with:

CGTN චින්තන පර්ෂදය සහ චීනයේ රෙන්මින් විශ්ව විද්‍යාලයේ මහජන මත පිළිබඳ චීන ආයතනය විසින් සිදු  කරන ලද ගෝලීය මත විමසුමකට එක්වූ බහුතරයක්  සුපිරි මට්ටමේ ප්‍රජාතන්ත්‍රවදයක් නොමැති බව පවසති.පැවැත්මට සහ සංවර්ධනයට ඇති අයිතිය වැනි මූලික මානව හිමිකම් සඳහා ඉහළ ප්‍රමුඛතාවයක් ලබා දිය යුතු බව ඊට සම්බන්ධවූ සියයට 84.8 ක් විශ්වාස  කරති.සුදුසුම ප්‍රජාතන්ත්‍රවාදය ඒ ඒ රටවලට ගැලපෙන ප්‍රජාතන්ත්‍රවාදය බව ඔවුහූ පවසති.ප්‍රජාතන්ත්‍රවාදය සඳහා විශ්වීය මට්ටමේ වට්ටෝරුවක් නොමැති බවද ඔව්හු සඳහන් කරති. රටේ ඉතිහාසය, සංස්කෘතිය හා ජාතික තත්ත්වයන් එම රටට ගැලපෙන දේශපාලන ක්‍රමය තෝරා ගැනීමේ දී සැලකිල්ලට ගත යුතුය. චීනය සැමවිටම ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රදර්ශනයට තබන විසිතුරු අයිතමයකට වඩා පොදු ජනතාවගේ සැලකිල්ලට ලක්වන ප්‍රශ්ණ විසඳීමේ මෙවලමක් ලෙසට භාවිත කරයි.ගතවූ දශක කිහිපය පුරා චීනය සමස්ත මට්ටමේ ප්‍රජාතන්ත්‍රාවදයක්  ගොඩනැංවීම පරිපූර්ණ අන්දමින් ප්‍රවර්ධනය කර තිබේ. මෙම මතවිමසුමට එක්වූවන්ගෙන් සියයට 91.2 ක පිරිසක් උතුරු ඇමරිකානු පුද්ගලයන්ය.

ගුවන් විදුලිය
20241126අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම