යුක්රේන අර්බුදය නිරාකරණය වෙනුවෙන් ඇමරිකාව අවංක ව හා යහපත් අන්දමින් කාර්යභාරය ඉටු කරනු ඇතැයි චීනයෙන් අපේක්ෂා
2023-03-23 19:33:17
Share with:

යුක්රේන අර්බුදය නිරාකරණය වෙනුවෙන් ඇමරිකාව අවංක ව හා යහපත් අන්දමින් කාර්යභාරය ඉටු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව චීනය ප්‍රකාශ කරයි.

යුක්රේන අර්බුදය‍ කෙරේ ලෝකය දක්වන ප්‍රතිචාර පිළිබඳව චීනය දැඩි අවධානය යොමු කර සිටියත් මෙතෙක් චීනය රුසියාවට සීමාව ඉක්මවන ආධාර ලබා දී නො‍මැති බව පසුගිය දා ඇමරිකානු රාජ්‍ය ලේකම් Antony Blinken පවසා ඇත. චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශක වං වෙන් බින් මහතා අද (23) මේ පිළිබඳව අදහස් දක්වමින් කියා සිටියේ ඇමරිකාව සාමයට එරෙහිව යුක්රේන අර්බුදය උග්‍ර කිරීම වෙනු‍වට ජගත් ප්‍රජාව සමග එක්ව එම අර්බුදය නිරාකරණය වෙනුවෙන් අවංක ව හා යහපත් අන්දමින් කාර්යභාරය ඉටු කළ යුතු බවයි. යුක්රේන අර්බුදය ඇති කළේ චීනය නොවේ. එම අර්බුදයට චීනයේ  සෘජු හෝ වක්‍ර ආකාරයෙන් ද සම්බන්ධයක් නොමැත. එම අර්බුදය සාමකාමී අයුරින් විසඳා ගැනීමට චීනය සැමවිටම කටයුතු කරන බව චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේ ය.

 

ගුවන් විදුලිය
20240417බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම