ගෝලීය ක්ෂය රෝග පාලනය ඉහළ නැංවීමට පියවර ගන්නැයි චීන ජනපති ආර්යාවගෙන් ඉල්ලීමක්
2023-03-23 11:25:38
Share with:

චීන ජනාධිපති ආර්යා සහ HIV/AIDS සඳහා වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ  සුහද තානාපතිනි Peng Liyuan මහත්මිය ගෝලීය ක්ෂය රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම ඒකාබද්ධව වැඩිදියුණු කරන ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටී.

මේ සඳහා, සියලුම පාර්ශ්වයන් ඔවුන්ගේ කැපවීම් සක්‍රීයව ඉටු කරමින් සම්පත් යෙදවුම් වැඩි කිරීමට පියවර ගත යුතුය. හුවමාරු කිරීම් සහ සහයෝගීතාවයන් සිදු කළ යුතු බවත්, රෝග වැළැක්වීමේ සහ ප්‍රතිකාර අත්දැකීම් බෙදා ගත යුතු බවත් ඇය කියා සිටී. වසර 2023 ලෝක ක්ෂය රෝග දිනය සැමරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයෙහි ක්‍රියාකාරකම් පිළිබඳ ලිපියක් යොමු කරමින් Peng Liyuan මහත්මිය ඊයේ(22) මේ බව සඳහන් කළාය.

චීන රජය ක්ෂය රෝගය වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා විශාල වැදගත්කමක් ලබා දෙන අතර එය සෞඛ්‍ය සම්පන්න චීන උපාය මාර්ගයට ඇතුළත් කර ඇති බව Peng Liyuan මහත්මිය පැවසුවාය. චීනය නිරන්තරයෙන් රෝග පාලනය සඳහා ආධාරක මට්ටම වැඩිදියුණු කරමින්, සියළු පාර්ශ්වයන්ගේ සහයෝගීතාව ක්‍රියාත්මක කරමින්, සමස්ත සමාජයේම සහභාගීත්වය ලබා ගනිමින් සිටී. නව රෝග විනිශ්චය ක්‍රම, චිකිත්සක විසඳුම් සහ කළමනාකරණ මෙවලම් ක්‍රියාකාරීව ප්‍රවර්ධනය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස රට තුළ ක්ෂය රෝගය සුව කිරීමේ අනුපාතය සියයට 90 ට වඩා ඉහළ මට්ටමක පවතී.

සාමූහික ප්‍රයත්නයන් සමඟින් ක්ෂය රෝග වසංගතය තුරන් කිරීමේ ඉලක්කය නියමිත පරිදි සාක්ෂාත් කර ගනිමින්, සැමට සෞඛ්‍ය සම්පන්න ගෝලීය ප්‍රජාවක් ගොඩනැගීම සඳහා සියළු පාර්ශ්වයන් වැඩි දායකත්වයක් ලබා දෙනු ඇතැයි, ඇය සිය විශ්වාසය පළ කළාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම