චීන මාධ්‍ය සමූහයේ “ චීන ලක්ෂණවලින් යුත් නවීකරණය හා ලෝකයේ නව අවස්ථා ” මැයෙන් සාකච්ඡා සභාවක්
2023-03-23 19:40:30
Share with:

චීන මාධ්‍ය සමූහයේ “ චීන ලක්ෂණවලින් යුත් නවීකරණය හා ලෝකයේ නව අවස්ථා ”  තේමාගත සාකච්ඡා සභාවක් සාර්ථක ව පැවැත්වේ.

එම සාකච්ඡා සභාව අද (23) හොංකොං හිදී පැවැත්විණ.අදාළ විශේෂ වැඩසටහන හොංකොං හි මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ සමගාමීව වාර්තා කෙරිණ. හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජයේ මුදල් අමාත්‍ය චෙන් මාඕ බෝ , චීන ජාතික මහජන කොංග්‍රසයේ ස්ථාවර කමිටුවේ සාමාජික ලි හුවෙයි ඡියොං , චීන මහජන දේශපාලන උපදේශක සභාවේ ජාතික කමිටුවේ සාමාජික ත්සා ගුවන් ෂෙන් ඇතුළු නිලධාරීහු එම සාකච්ඡා සභාවට එක් වූහ.

හොංකොං විශේෂ පරිපාලන කලාපීය රජය එක් රටක් ක්‍රම දෙකක් ප්‍රතිපත්තිය අඛණ්ඩ ව අනුගමනය කරමින් චීන මහ ගොඩබිමේ සංවර්ධන උපාය මාර්ගයට අනුකූල ව කටයුතු කළ යුතු බව සාකච්ඡා සභාවට එක් වූවන් පවසා ඇත. චීනය චීන ලක්ෂණවලින් යුත් නවීකරණය වඩාත් ක්‍රියාශීලිව ඉදිරියට ගෙන යාමේදී හොංකොං විශේෂ පරිපාලන කලාපය ඊට එක් ව වඩාත් වැඩි දායකත්වය ලබා දෙනු ඇතැයි ඔවුහූ පැවසූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම