මෙම වසර අවසානය වන විට මෙරට උද්ධමනයේ කැපී පෙනෙන වෙනසක් පිළිබඳ අපේක්ෂා
2023-03-23 18:37:39
Share with:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් මෙරටට අනුමතවූ විස්තීර්ණ ණය පහසුකමෙන් විදේශ විනිමය මිලදී ගැනීමට මෙන්ම රුපියල් මඟින් රජයට වැයකිරීම සඳහා භාවිත කිරීමට හැකියාව පවතින බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

මහ බැංකු අධිපතිවරයා පෙන්වා දුන්නේ මීට පෙර ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලබාදුන් ණය පහසුකම භාවිත කිරීමට හැකි වූයේ ගෙවුම් ශේෂයේ හිඟය පියවා ගැනීම සඳහා පමණක් බවයි.

බ්ලූම්බර්ග් වෙබ් අඩවිය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කර තිබේ. මෙම වසර අවසානය වන විට මෙරට උද්ධමනයේ කැපී පෙනෙන වෙනසක් අපේක්ෂා කරන බවද මහ බැංකු අධිපතිවරයා එහිදී වැඩිදුරටත් පවසා ඇත.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම